තුන්වන ලෝක යුද්ධය මැයි 13 ද?


අනාවැකි කරුවන්ව වර්තමාන සමාජය පිළිගන්නේ බොරුකාරයෝ විදියට. ඔවුන්ට අද වනවිට ලැබිලා තියෙන්නේ අවම තත්වයක්. එයට ලෝක මට්ටමෙන් ගත්තත්, ලංකාව පමණක් සැලකුවත් ලොකු වෙනසක් නැහැ. මොකද මෑත කාලින බොහෝ අනාවකිකරුවන්ගේ  අනාවැකි සාවද්‍ය වීම දිගින් දිගටම මිනිසුන් අත්දැකපු සිදුවීමක් වුණා.
කිසිම දිනක වැරදි අනාවැකියක් කියපු නැති අනාවැකි කරුවක් ඉන්නවා බ්‍රිතාන්‍යයේ, ඔහු නමින් හොරෑසියෝ වැලේගස්. හිලරි ක්ලින්ටන්ට් කෙතරම් ප්‍රබල චරිතයක් වුවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාදිපති වන බව ඔහු මුල සිටම ප්‍රකාශකලා. ඒ විතරක් නෙවෙයි සොබාදහමේ ලියවී ඇති දේට විරුද්ද යමක් සිදු නොවන බවත් ඔහු වැඩි දුර පැවසුවා.
මේ වනවිට ඔහු තවත් ආන්දෝලනාත්මක අනාවැකියක් පලකරලා. ඒ ලෝක ඉතිහාසයේ සිද්ද නොවුණු ඒ මහා විනාසය ගැන. ඒනම් තුන්වන ලෝක යුද්ධය. ඔහුගේ අනාවැකියට අනුව තුන්වන ලෝක යුද්දය 2017 මැයි 13 වැනිදා ආරම්භ වෙනවා. යුද්ධය අරඹන්නේ ඇමරිකාව බවත් ඩොනල්ඩ් ට්‍රුම්ප්ගේ නායකත්වයෙන් එය සිද්දවෙන බවත් ඔහු ප්‍රකාශ කරනවා.
මෙම යුද්ධය ලෝකයේ සියලු අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත වන බවත් , මාස 5ක් ඇතුළත සමස්ත ලෝකය පුරා ක්‍රමයෙන් පැතිරී ගොස්  ලෝකයේ  විනාශය කරා මෙහෙයවන බවත් ඔහුගේ අනවකියේ වැඩි දුරට කියවෙනවා. 
2017 ඔක්තෝම්බර් 13 වන දා ලෝක යුද්ධයේ උච්චතම අවස්ථාව බව ඔහු ප්‍රකාශ කරනවා. තුන්වන ලෝක යුද්ධය හේතුවෙන් අහස ගිනි ජාලාවක් බවට හැරෙනු ඇති බවත් ඒවා න්‍යෂටික අවි ප්‍රහාරවලින් හටගත් ඒවා වනු ඇති බවටත් මත පලකරනවා. 
මෙතෙක් කල් හොරෑසියෝ වැල්ගේස් හේ අනාවැකි සාවද්‍ය නොවුණු බැවින් මේ සිදුවීම ද සත්‍යයක් වනු ඇතැයි ලෝක ජනතාව ඒ පිලිබඳ බියෙන් පසුවන බව දැනගන්නට ලැබිනි.