ඇත්තටම ආදරය කරන කොල්ලෙක් කෙල්ල වෙනුවෙන් කරන දේවල් 5ක්
ආදරයයි ආකර්ෂණයයි කියන්නේ අපි හැමවෙලේම වගේ පටලවා ගන්නා මාතෘකාවන් දෙකක්. ගොඩක් වෙලාවට වෙන්නේ කෙනෙක් ගැන ඇති වෙන ආකර්ෂණයක් ආදරය කියල වරදවා වටහා ගන්න එක. එහෙම කෙනෙක් එක්ක ජීවිතය ගෙවන්න ගියාම තමයි වැටහෙන්නේ ඒ ඇත්තටම ආදරය නෙවෙයි කියල.
ගැහැණු පිරිමි කියල භේදයක් නැතිව ඕනෑම කෙනෙක්ට ඔය ඉහතින් කිව්ව කාරණාව හොඳටම අදාලයි. හැබැයි තමන්ට අනිත් කෙනා ගැන තියෙන්නේ ආදරයක්ද එහෙමත් නැත්නම් නිකන්ම නිකන් ආකර්ශනයක්ද කියල දැනගන්න පුළුවන් වෙන්නේ ඒ කෙනාව තමන්ට දැනෙන හැටියෙන් සහ තමන් ඒ කෙනා වෙනුවෙන් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ මොනවද කියන එකෙන්. තමන් ඇත්තටම ආදරය කරන කාන්තාව වෙනුවෙන් පිරිමින් හැම වෙලේම කරන දේවල් 6 තමයි මේ
ඔහු ඇය කියන දේට කන් දෙනවා
මේ කියන්නේ ඇහුම්කන් දෙනවා වගේ පෙන්වීම ගැන එහෙම නම් නෙවෙයි. තමන් ආදරය කරන කෙනෙක් කියන හැම දෙයක්ම අපිට වැදගත් වෙනවා. ඔවුන්ගේ අවවාද වගේම උපදෙසුත් අපිට වැදගත්. අන්න ඒ නිසා පිරිමියෙක් ඇත්තටම කාන්තාවකට ආදරය කරනවානම් ඇය පවසන දේවල්, ඇයට පැවසීමට ඇති දේවල් මෙන්ම ඇයගේ අවවාද හා උපදෙස් ලබා ගැනීම කෙරෙහිද සැලකිල්ලක් දක්වනවා.
තර්ක කිරීම සහ වාද කිරීම
ආදරය කෙනෙක් එක්ක තර්ක කරගන්නයි වාද කරගන්නයි යනවද? උත්තරය නම් ඔව් අපි ආදරය කරන අය එක්ක තමයි වැඩිපුරම තර්ක කරගන්නේ. හැබැයි මේ තර්ක වෛරයෙන් පිරුණ, තරහෙන් පිරුණ ඒවා නම් නෙවෙයි. බොහොම සුන්දර දේවල්.
විශේෂයෙන්ම මතක තියාගන්න ඕන දේ තමයි හැමතිස්සෙම රණ්ඩුවට යන එක, බැන ගන්න එක ආදරය පෙන්නන ක්‍රමයක් නෙවෙයි කියන එකත්. සමහරු එහෙමත් හිතාගෙන ඉන්නවනේ.
ඔහුගේ අදහස් වෙනස් කරගන්න පෙළඹෙනවා
කොච්චර මුරණ්ඩු, අහංකාර පිරිමියෙක් වුණත් තමන් ආදරය කරන කාන්තාව ඉස්සරදි ඒ මුරණ්ඩුකම, අහංකාරකම පැත්තකින් තියනවා.
ආදරය කරන කාන්තාව වෙනුවෙන් සටන් කරනවා
තමන් ආදරය නොකරන, සැලකිලිමත් නොවෙන කෙනෙක් තමන් ළඟ තියාගන්න සටන් කරන්න පිරිමියෙක් කීයටවත් පෙළඹෙන්නේ නැහැ.
ආදරය කරන කාන්තාව වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට පෙළඹෙනවා
ආදරය කරන කාන්තාව එක්ක තමන්ගේ සිහින බෙදාගන්න, ජීවිතය සැලසුම් කරන්නට, විනෝද වෙන්න පිරිමියෙක් කැමතියි. ඇයගේ සතුට, ඇයගේ සිනහව ඔහුට ඉතාම වැදගත්. ඒ වගේම මොන බාධකය ආවත් ආදරය කරන කාන්තාව තමන් ලඟින්ම තියාගන්නත් පිරිමින්ට අවශ්‍යයි.
තුන්වන ලෝක යුද්ධය මැයි 13 ද?
අනාවැකි කරුවන්ව වර්තමාන සමාජය පිළිගන්නේ බොරුකාරයෝ විදියට. ඔවුන්ට අද වනවිට ලැබිලා තියෙන්නේ අවම තත්වයක්. එයට ලෝක මට්ටමෙන් ගත්තත්, ලංකාව පමණක් සැලකුවත් ලොකු වෙනසක් නැහැ. මොකද මෑත කාලින බොහෝ අනාවකිකරුවන්ගේ අනාවැකි සාවද්‍ය වීම දිගින් දිගටම මිනිසුන් අත්දැකපු සිදුවීමක් වුණා.
කිසිම දිනක වැරදි අනාවැකියක් කියපු නැති අනාවැකි කරුවක් ඉන්නවා බ්‍රිතාන්‍යයේ, ඔහු නමින් හොරෑසියෝ වැලේගස්. හිලරි ක්ලින්ටන්ට් කෙතරම් ප්‍රබල චරිතයක් වුවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාදිපති වන බව ඔහු මුල සිටම ප්‍රකාශකලා. ඒ විතරක් නෙවෙයි සොබාදහමේ ලියවී ඇති දේට විරුද්ද යමක් සිදු නොවන බවත් ඔහු වැඩි දුර පැවසුවා.
මේ වනවිට ඔහු තවත් ආන්දෝලනාත්මක අනාවැකියක් පලකරලා. ඒ ලෝක ඉතිහාසයේ සිද්ද නොවුණු ඒ මහා විනාසය ගැන. ඒනම් තුන්වන ලෝක යුද්ධය. ඔහුගේ අනාවැකියට අනුව තුන්වන ලෝක යුද්දය 2017 මැයි 13 වැනිදා ආරම්භ වෙනවා. යුද්ධය අරඹන්නේ ඇමරිකාව බවත් ඩොනල්ඩ් ට්‍රුම්ප්ගේ නායකත්වයෙන් එය සිද්දවෙන බවත් ඔහු ප්‍රකාශ කරනවා.
මෙම යුද්ධය ලෝකයේ සියලු අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත වන බවත් , මාස 5ක් ඇතුළත සමස්ත ලෝකය පුරා ක්‍රමයෙන් පැතිරී ගොස් ලෝකයේ විනාශය කරා මෙහෙයවන බවත් ඔහුගේ අනවකියේ වැඩි දුරට කියවෙනවා.
2017 ඔක්තෝම්බර් 13 වන දා ලෝක යුද්ධයේ උච්චතම අවස්ථාව බව ඔහු ප්‍රකාශ කරනවා. තුන්වන ලෝක යුද්ධය හේතුවෙන් අහස ගිනි ජාලාවක් බවට හැරෙනු ඇති බවත් ඒවා න්‍යෂටික අවි ප්‍රහාරවලින් හටගත් ඒවා වනු ඇති බවටත් මත පලකරනවා.
මෙතෙක් කල් හොරෑසියෝ වැල්ගේස් හේ අනාවැකි සාවද්‍ය නොවුණු බැවින් මේ සිදුවීම ද සත්‍යයක් වනු ඇතැයි ලෝක ජනතාව ඒ පිලිබඳ බියෙන් පසුවන බව දැනගන්නට ලැබිනි.
Subscribe to:
Posts (Atom)