ඇත්තටම ආදරය කරන කොල්ලෙක් කෙල්ල වෙනුවෙන් කරන දේවල් 5ක්


ආදරයයි ආකර්ෂණයයි කියන්නේ අපි හැමවෙලේම වගේ පටලවා ගන්නා මාතෘකාවන් දෙකක්. ගොඩක් වෙලාවට වෙන්නේ කෙනෙක් ගැන ඇති වෙන ආකර්ෂණයක් ආදරය කියල වරදවා වටහා ගන්න එක. එහෙම කෙනෙක් එක්ක ජීවිතය ගෙවන්න ගියාම තමයි වැටහෙන්නේ ඒ ඇත්තටම ආදරය නෙවෙයි කියල.
ගැහැණු පිරිමි කියල භේදයක් නැතිව ඕනෑම කෙනෙක්ට ඔය ඉහතින් කිව්ව කාරණාව හොඳටම අදාලයි. හැබැයි තමන්ට අනිත් කෙනා ගැන තියෙන්නේ ආදරයක්ද එහෙමත් නැත්නම් නිකන්ම නිකන් ආකර්ශනයක්ද කියල දැනගන්න පුළුවන් වෙන්නේ ඒ කෙනාව තමන්ට දැනෙන හැටියෙන් සහ තමන් ඒ කෙනා වෙනුවෙන් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ මොනවද කියන එකෙන්. තමන් ඇත්තටම ආදරය කරන කාන්තාව වෙනුවෙන් පිරිමින් හැම වෙලේම කරන දේවල් 6 තමයි මේ
ඔහු ඇය කියන දේට කන් දෙනවා
මේ කියන්නේ ඇහුම්කන් දෙනවා වගේ පෙන්වීම ගැන එහෙම නම් නෙවෙයි. තමන් ආදරය කරන කෙනෙක් කියන හැම දෙයක්ම අපිට වැදගත් වෙනවා. ඔවුන්ගේ අවවාද වගේම උපදෙසුත් අපිට වැදගත්. අන්න ඒ නිසා පිරිමියෙක් ඇත්තටම කාන්තාවකට ආදරය කරනවානම් ඇය පවසන දේවල්, ඇයට පැවසීමට ඇති දේවල් මෙන්ම ඇයගේ අවවාද හා උපදෙස් ලබා ගැනීම කෙරෙහිද සැලකිල්ලක් දක්වනවා.
තර්ක කිරීම සහ වාද කිරීම
ආදරය කෙනෙක් එක්ක තර්ක කරගන්නයි වාද කරගන්නයි යනවද? උත්තරය නම් ඔව් අපි ආදරය කරන අය එක්ක තමයි වැඩිපුරම තර්ක කරගන්නේ. හැබැයි මේ තර්ක වෛරයෙන් පිරුණ, තරහෙන් පිරුණ ඒවා නම් නෙවෙයි. බොහොම සුන්දර දේවල්.
විශේෂයෙන්ම මතක තියාගන්න ඕන දේ තමයි හැමතිස්සෙම රණ්ඩුවට යන එක, බැන ගන්න එක ආදරය පෙන්නන ක්‍රමයක් නෙවෙයි කියන එකත්. සමහරු එහෙමත් හිතාගෙන ඉන්නවනේ.
ඔහුගේ අදහස් වෙනස් කරගන්න පෙළඹෙනවා
කොච්චර මුරණ්ඩු, අහංකාර පිරිමියෙක් වුණත් තමන් ආදරය කරන කාන්තාව ඉස්සරදි ඒ මුරණ්ඩුකම, අහංකාරකම පැත්තකින් තියනවා.
ආදරය කරන කාන්තාව වෙනුවෙන් සටන් කරනවා
තමන් ආදරය නොකරන, සැලකිලිමත් නොවෙන කෙනෙක් තමන් ළඟ තියාගන්න සටන් කරන්න පිරිමියෙක් කීයටවත් පෙළඹෙන්නේ නැහැ.
ආදරය කරන කාන්තාව වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට පෙළඹෙනවා
ආදරය කරන කාන්තාව එක්ක තමන්ගේ සිහින බෙදාගන්න, ජීවිතය සැලසුම් කරන්නට, විනෝද වෙන්න පිරිමියෙක් කැමතියි. ඇයගේ සතුට, ඇයගේ සිනහව ඔහුට ඉතාම වැදගත්. ඒ වගේම මොන බාධකය ආවත් ආදරය කරන කාන්තාව තමන් ලඟින්ම තියාගන්නත් පිරිමින්ට අවශ්‍යයි.